Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:34:25 Hours

කිලිනොච්චි යුද හමුදා සාමාජිකයින් විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්විම

කිලිනොච්චි ආරක්ෂාක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භඨ පිරිස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2018 ජුලි මස 20 දින කල්විලන් සහ කොඩ්ඩිකක්ඩියාර්කුලම් ප්‍රදේශයේ දි ප්‍රජා සත්කාර ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.

651 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් කල්විලන් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යපෘතියක් ක්‍රියාත්මක කළ අතර, 1 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් ද කොඩ්ඩිකක්ඩියාර්කුලම් වැව් බැම්ම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදි.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ අධික්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.