Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st July 2019 21:55:04 Hours

කිලිනොච්චි භඨ පිරිස් විසින් ශිෂ්‍යයින් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි සහ පාසල් උපකරණ පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය සහ අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය සමග එක්ව 2019 ජුලි මස 01 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී පරන්තන් හින්දු විද්‍යාලයේ පාසල් සිසුවෙකු වන ඩී නික්ශාන් යන සිසුවා සදහා ඇස් කණ්නාඩි සහ අත්‍යවශ්‍ය පාසල් උපකරන පරිත්‍යාග කරන ලදි.

පරිත්‍යාග කරන ලද ඇස් කණ්නාඩියේ වටිනාකම රු: 10,000.00 ක් වන අතර, එය අක‍්ෂි වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුව අනුව සකස් කර පරිත්‍යාග කර ඇති බවත්, මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්පි ආර්ඩබ්ලිව්පි අයිජි ගේ උපදෙස් මත සංවිධානය කරන ලදි.