Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 11:39:51 Hours

කිලිනොච්චි භටපිරිස් සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස පහක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති කිළිනොචිචි මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් වශයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස පහක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවති.

මෙම නිවාස ව්‍යාපෘති 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙළගෙදර, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස ව්‍යාපෘති සඳහා 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සපයයි.