Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 10:47:03 Hours

කිලිනොච්චි භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය මාර්ගයන් නංවාලීම සඳහා අවශ්‍ය පහසුකම් සපයයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් ඒ යටතේ ඇති සේනාංක හා බලසේනාවන්වල සහයෝගය ඇතිව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය මාර්ගයන් නංවාලීම සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් අමතර ආදායමක් ඉපයිය හැකි වැඩසටහනක් ආරම්භ කරන ලදි.

මෙම සමාජසත්කාර වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ අධීක්‍ෂණය යටතේ 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙළගෙදර, 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට නංවන ලදි.

ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 15 ක් සඳහා තිබ්බටු පැල 30 ක් සහ තෝරාගන්නා ලද පවුල් 30 ක් සඳහා බෝංචි පැල 800 ක් බෙදා දුන් අතර, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් අතර තිබ්බටු පැල 750 ක් බෙදාදෙන ලදී. තවද, අඩු ආදායම්ලාභී පවුල් අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, මීමැසි පාලනය වැනි ක්ෂේත්‍රවල ආදායම් උත්පාදනයන් දිරිගැන්වීම සඳහා දවැඩසටහන් පවත්වන ලදී. තවද, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 15 ක් සඳහා කොමඩු බීජ ග්‍රෑම් 50බැගින්ලබාදුන්නේය.

.

මේ අතර, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 77 දෙනෙකුගෙන් යුත් පවුල් 22 කගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා ඩායාරුකුලම් වැවට මසුන් මුදාහරිමින් ධිවරයන් සඳහා අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. තවද, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් පවුල් 30 ක ප්‍රදාන ජීවනෝපාය මාර්ගය වී තිබු ධීවර කර්මානතය නගා සිටුවීම සඳහා විශ්වමඩු ජලාශය වෙත මසුන් මුදාහරින ලදී.