Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 08:56:29 Hours

කිලිනොච්චි භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මග පෙන්වීම යටතේ පාලනය වන 65 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පීගේ උපදෙස් මත 651, 652 සහ 653 බලසේනාවන්හි රාජකාරි නියුතු භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් 2019 අගෝස්තු මස 11, 12 සහ 13 වන දිනයන්හිදී පවත්වන ලදී.

651 වන බලසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරියාලනාගපඩ්ඩුවාන් ධීවර සමිති භූමිය සහ කරියාලනාගපඩ්ඩුවාන් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කල අතර, 652 වන බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අක්කරායන්කුලම් පුල්ලයාර් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කරන ලදී.

තවද 653 වන බලසේනාවට අයත් 17 වන පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් තුනුක්කායි අයුර්වේද මධ්‍යස්ථාන භුමි පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කල අතර, මේ සදහා යුධ හමුදා සෙබලුන් 40 ක් සහ සිවිල් වැසියන්ද සහභාගී වන ලදී.