Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th April 2019 13:35:18 Hours

කිලිනොච්චි භට පිරිස් විසින් අංගම්පොර සටන් කලාව පුහුණු වෙති.

වසර 9500 කට අධික ඉතිහාසයක් ඇති අංගම්පොර සටන් කලාව හිටපු කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව යුධ හමුදාපතිතුමන්ගේ අවසරය ඇතිව අංගම්පොර සටන් පුහුණුව ආරම්භ කරන ලදී. මෙම සටන් කලාව ආත්ම ආරක්‍ෂක සටන් කලාවක් වන අතර, මෙහි ජෝතිශ්‍ය, ශාස්ත්‍ර, භාවනා, සූනියම්, වෛද්‍ය ක්‍රම, සහ මායාකාරි උපක්‍රම වලින් සමන්විත වේ.

වර්තමාන කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අංගම්පොර කණ්ඩායමේ දක්‍ෂතා දැකබලා ගැනීමට ගිය අතර, ඔවුන් හට එම ගම්මාන වලට සමාන ගම්මානයක් ඉදිකරන ලෙස උපදෙස් දුන් අතර, තවද යුධ හමුදාපතිගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අංගම්පොර පුහුණුව ලබන සෙබළුන්ගේ පුහුණුව දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පහසුකම් ලබා දෙන ලෙස පවසන ලදී.