Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th February 2019 15:22:39 Hours

කිලිනොච්චි භට පිරිස් විසින් අංගම්පොර දක්‍ෂතා ප්‍රදර්ශනය කරති

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන අංගම්පොර කණ්ඩායම නොසැලෙන පුහුණුවකින් පසු ඔවුන්ගේ දක්‍ෂතා ප්‍රදරශනය කිරිමට ප්‍රථම සංකෘතික අංගයක් ලෙස රාවණා රනකැලි පුජා උත්සවය 2019 පෙබරවාරි මස 22 වන දින පවත්වන ලදි.

පුහුණුව ලැබු සාමාජිකයින් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් සෙබලුන් වන අතර, මෙම උත්සවයේදි ඔවුන්ගේ දක්‍ෂතා දැක බලා ගැනිමට පැමිණි ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් ඔවුන්ගේ කැපවිම හා උනන්දුව අගය කල අතර රිටිගල සිංහරාජ පරපුරේ කලාකීරති කලාවිබූෂන දේවින්ද ලක්සිරි රණසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායම ස්වෙච්චාවෙන් සහභාගි වු සියලුම පුහුණු සැසි වාර සදහා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් ඔවුන් හට ස්තුතිය පුදකරන ලදි.