Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th October 2019 09:42:45 Hours

කිලිනොච්චි ප්‍රදේශයේදී ‘කෝමාරිකා’ වගාව හදුන්වාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ කෝමාරිකා වගාව ප්‍රවර්ධනය කිරිම පිළිබඳ වැඩමුළුවක් 2019 ඔක්තෝබර් මස 04 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 04 ක් සහ සෙසුනිලයින් 49 ක් වෙනුවෙන් 65 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව ‘හදබිම’ අධිකාරියේ නිලධාරීන් විසින් පවත්වන ලද අතර කෝමාරිකා වගාව පිළිබඳ ඒකකයන්හි සෙසු නිලයන් පුහුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි. තවද, මෙම වැඩසටහන මඟින් අවශ්‍ය වෘත්තිය දැනුම සහ කෘෂිකාර්මික මඟපෙන්වීම ලබාදෙමින් කෝමාරිකා වඟාව ආරම්භ කිරීමට සිවිල් ජනතාව දිරිමත් කළහ.