Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:28:47 Hours

කිලිනොච්චි පන්නන්කන්ඩි දෙමළ මිශ්‍ර පාසල් භුමි පරිශ්‍රයේ කටු කමිබි වැට අලුත් වැඩියා කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත කිලිනොච්චි බළප්‍රදේශයේ 571 බළසේනාවට අයත් පන්නන්කන්ඩි දමිළ මිශ්‍ර පාසලේ යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාවගේද සහභාගිත්වයෙන් පිළිසකර කිරිමේ වැඩසටහනක් 2018.07.08 වන දින පවත්වන ලදි.

පන්නන්කන්ඩි පාසල් භුමියවටා ඉදිකර තිබුන කම්බි වැට කැඩි බිදි ගොස් තිබුන අතර, එම වැට 571 බළසේනාවේ බළසේනාධිපති නජිව එදිරිසිංහගේ සම්බන්ධිකරණයෙන් කැනඩාවේ යූත් අවුට්රිච් කවුන්සිල්හි සාමාජික සාමජිකාවන්ගේ රු: ලක්ෂයකට අධික මුදලක පරිත්‍යාගයෙන් පරණ කටුකම්බි සහ කම්බි කණු ඉවත්කර නව කම්බි කණු සහ කම්බි මිළදිගෙන 571 බළසේනාවේ සහ 16 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සහ සිවිල්වැසියන්ගේද ශ්‍රමදායකත්වයෙන් මෙම පිළිසකර කිරිමේ කටයුතු සිදුකරන ලදි.

මෙම වැඩසටහන මගින් කිලිනොච්චි පන්නන්කන්ඩි පාසලේ ඉගෙනුම ලබන දූදරුවන්ට ඉමහත් සේවාවක් සිදුවු අතර, මෙහිදි කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව සහ යුධ හමුදාව අතර, පවත්නා අන්නෝන්‍ය සහයෝගිතාවය හා සංහිදියාව පිටරටවල පවා අවධානයට ඉමහත්සේ දායක වන ලදි.