Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st December 2018 16:36:17 Hours

කිලිනොච්චි නත්තල් බැති ගී ප්‍රසංගය

ආරක්‍ෂක සේනා මුලස්ථානය කි‍ලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණ‍යෙන් උදාවන නත්තල් සමය තුල විවිධ ජන කොටස් අතර ආගමික සංහිදියාව සහ සාමය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී 2018 දෙසැම්බර් මස 20 වන දින පැවැත්විය.

මෙම නත්තල් බැති ගී සැඳැව සඳහා සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර පදවි තැන්පත් දේවධර්මාචාර්ය ගරු නෝබට් අන්ද්‍රදි හිමිපානන් සහ කිලිනොච්චිය ඇග්ලිකන් දෙව් මැදුර සහ කරුණා නිලයම් ආශ්‍රමයේ ගරු මුර්ති පියතුමන් සහ භාරතිපුරම් ශාන්ත බැප්ට්ස් දෙව්මැදුරේ ගරු විග්නේෂ්වරන් පියතුමන් සමගින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහභාගි විය.

කිලිනොච්චිය දකුණු ඉන්දියානු දේව සභාවේ දියනියන් විසින් පිළිගැනිමේ නර්ථනය ඉදිරිපත් කර අතර,අනුරාධපුර පදවි තැන්පත් දේවධර්මාචාර්ය නෝබට් අන්ද්‍රදි හිමිපානන් විසින් නත්තල් දින පණිවිඩය ප්‍රකාශ කරන ලදී.

බැති ගී සන්ද්‍යාවේදී සාමය සහ සංහිදියාව සංකේතවත් කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පීළිබද බැති ගී ගැයුනු අතර කිලිනොච්චී ආරක්‍ෂක සේනා මුලස්ථාන බැති ගී කණ්ඩායම සමගින් පරන්තන් මෙතෝදිස්ත දේවස්ථාන ගිතිකා කණ්ඩායම, කිලිනොච්චිය ඇග්ලිකන් දේවස්ථාන ගිතිකා කණ්ඩායම, ශාන්ත පෝල් දේවස්ථාන ගිතිකා කණ්ඩායම, භාරතිපුරම් බැප්ට්ස්ට් දේවස්ථානයේ ගිතිකා කණ්ඩායම, ශාන්ත තේරේසා දේවස්ථාන ගිතිකා කණ්ඩායම් විසින් නත්තල් බැති ගී ගායනය සඳහා දායකත්වය ලබාදෙන ලදී.

අවසාන වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පැවති මෙම සාමකාමි නත්තල් බැති ගී සන්ධ්‍යවේදි සංහිදියාව මුල් කරගනිමින් සියළුම බැති ගී කණ්ඩායම් එකම බැති ගී කණ්ඩායමක් ලෙසින් ‘නත්තල් සුභ පැතුම්’ සහ ‘නත්තලේ සාමය’ ගිතීකා මඟින් ඉදිරිපත් කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා සර්ව ආගමික පුජක තුමන්ලා, ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආ‍ඥාපති, ඉදිරි නඩත්තතු පෙදෙස (කිලි) ආඥාපති, 57, 66, 65 වන සේනාංකයන්හි සේනාංකාධිපති තුමන්ලා සහ බළසේනාධි පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා අනෙකුත් නිළධාරි/නිළධාරිණියන්, සෙසුනිළයින් ඇතුළු ක්‍රිස්තියානි බැතිමතුන් සහභාගිවන ලදි.

නත්තල් බැති ගී සන්ධ්‍යාවට ගිතිකා ඉදිරිපත් කල ගිතිකා කණ්ඩායම් වලට සහ නර්ථන කණ්ඩායමට ආරාධිත අමුත්තා වශනේ සහභාගිවු අනුරාධපුර පදවි තැන්පත් දේවධර්මාචාර්ය ගරු නෝබට් අන්ද්‍රදි හිමිපානන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති තුමන් විසින් ත්‍යාග ලබා දෙන ලදි.