Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:22:55 Hours

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආලන්කුලම් ප්‍රදේශයේ පුල්ලියාර් කෝවිලේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ ප්‍රධානත්වයෙන් ආලන්කුලම් පුල්ලියාර් කෝවිලේ නව ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා 2018 ජුලි මස 05 වන දින මුල්ගල තබන ලදි.

මෙම ආලන්කුලම් පුල්ලියාර් කෝවිලේ ප්‍රධාන පුජක තුමාගේ ආරාධනයෙන් නව ගොඩනැගිල්ලේ මුල්ගල තැබිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් සහභාගිවු අතර, අනෙකුත් ජ්‍යෙෂඨ නිළධාරින්/ නිළධාරින් සහ සෙසුනිළයන් සහභාගිවන ලදි.