Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:20:40 Hours

කිලිනොච්චි තරුණියන් සඳහා රූපලාවන්ය වැඩමුළුවක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය මත කිලිනොච්චි බළප්‍රදේශයේ දශක තුනක කාලයක් පුරා අමිහිරි අත්දැකිම් සමග ජිවත්වු තරුණියන් සඳහා ඔහුන්ගේ රූසපුව හැඩකර ගැනිමේ රූපලාවන්ය වැඩමුළුවක් 2018.07.07 වන දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙම වැඩමුළුව ඔරිෆ්ලේම් ආයතනයේ සම්බණ්ධිකරනයෙන් 2018/07/07 දින 0830 පැයේ සිට 1200 පැයදක්වා පැවැත්වු බැවින්,රූපලාවන්ය වැඩමුළුව සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ පුනරුත්තාපනයවු එල්ටිටි සංවිධානයේ සාමාජිකාවන් ඇතුළු තරුණියන් 400ක් පමණ සහභාගිවන ලදි.