Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2021 17:12:11 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් 250 කට වියලි සළාක සහ පාසල් උපකරණ බෙදාදෙති

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් කණ්ඩායමකගේ අනුග්‍රහය ඇතිව අප්‍රේල් මස 09 වන දින එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සළාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදුන්හ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා දකුණු ප්‍රදේශයේ ධානපතියන් වන නවීන් පෙරේරා සහ සිය පවුලේ සාමාජිකයින්, දීපන් මහතා, ඉෂාර ලියනගේ මහතා, කේ. සංගීව් කුමාර් මහතා, පී. ලාල් ද සිල්වා මහතා, එල්.එච්.ආර්. ද සිල්වා මහතා, පී. ලීනා ද සිල්වා මහතා, සංජීව රුක්‍ෂාන් මහතා ඇතුළු තවත් කිහිපදෙනෙකු විසින් සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම ව්‍යාපෘතියේ දී කිලිනොච්ච් ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් 250 ක් වෙනුවෙන් රුපියල් 7200/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සලයක්, ලිපි ද්‍රව්‍ය, පෑන් හා පැන්සල්, කියවීමේ පොත්, බෑග් වලින් සමන්විත රුපියල් 1500/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලයක් ද බෙදාදුන්හ.

මෙලෙස පරිත්‍යාග කළ වියළි සලාක පාර්සලයක් රතු හාල්, පිටි, කඩල පරිප්පු, රතු පරිප්පු, සෝයා මීට්, සීනි, තේ කොළ, කිරි පිටි, සැමන්, නූඩ්ල්ස්, කව්පි, කඩල, දත් බෙහෙත්, දත් බුරුසු සහ සබන් වලින් සමන්විත විය. කොවිඩ් - 19 වෛරසය පැතිරීම හේතුවෙන් ආදායම් මාර්ග අඩාල වූ පවුල් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් මෙම වැඩසටහන දියත් කරන ලදී. අලුත් අවුරුදු උත්සවය උදාවීමට ප්‍රථම සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටන ඔවුන්ට මහත් රුකුලක් විය.

මෙම වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන් ලියනගේ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සමඟින් ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහක නවීන් පෙරේරා මහතා සහභාගී වූහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව, නිවෙස් වෙත ගොස් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම පාර්සල් පරිත්‍යාග කළ අතර ඔවුන් වෙත අලුත් අවුරුදු සුභපැතුම් ද පිරිනැමූහ. එමෙන්ම, පාසල් සිසු සිසුවියන් එක් ස්ථානයකට ආරාධනා කර ඔවුන් වෙත පාසල් උපකරණ බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරින්, ලුතිතන් කර්නල් එල්.කිත්සිරි සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් කටයුතු කළහ.