Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 15:17:06 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය නව බහු කාර්යය ශ්‍රවණාගාරය සදහා මුල්ගල තබයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි නියුතු සියළුම නිලයින් සදහා වැඩි පහසුකම් සැලසීමේ අරමුණින් බහු කාර්යය ශ්‍රවණාගාරයක් ඉදිකිරිමට ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2020 අගෝස්තු මස 26 වන දින සුභ මොහොතින් මුල්ගල තබන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ ඉල්ලීම පරිදි පුද්ගලික පරිත්‍යගශීලියෙකු ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා අමුද්‍රව්‍ය සදහා අනුග්‍රහය දක්වන ලදී. එම අවස්ථාව සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.