Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 09:50:56 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය නව ආඥාපති රාජකාරි භාර ගැනිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 15 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවෙගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.26 වන දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි. නව ආඥාපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක්ද පිරිනමන ලදී.

නව ආඥාපති කාර්යාල තුලදි පොල් තෙල් පහන දල්වා සර්වාගමික වතාවත් සිදු කිරිමේන් අනතුරුව ලිපි ලේඛණ වලට අත්සන් තබා නිළ වශයෙන් සිය දූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. ඒ අනුව නව ආඥාපති රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම වස් කාර්යාල පරිශ්‍රයේදි සුදු සඳුන් පැලයක් රෝපණය කල අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් සහ සෙසුනිළයින් සමගින් තේ පැන් සංග්‍රහයකට සහභාගි විමේන් පසු මෙම මුලස්ථාන ශ්‍රවණාගාරයේදි සියළුම නිළයින් අමතන ලදි.

මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉනපෙ (කිලි) ආඥාපති තුමන්, බ්‍රිගේඩියර් ප්‍රමානි, බ්‍රිගේඩියර් පාලන/භකාස, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්/නිලධාරිණියන් ඇතුළු සෙසුනිළයින් සහභාගි වන ලදි.