Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:34:09 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති 66 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි පීඑස්සී රාජකාරි භාර ගැනිමෙන් පසු 2020 ජනවාරි මස 7, 8 වන දින 66 වන සේනාංක සහ යටතේ ඇති බලසේනාංකයන් සහ ඒකකයන්හි සංචාරයක් නිරත විය.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් 66 සේනාංකය වෙත පැමිණි අතර, එහිදි ප්‍රධාන දෙරටුව අසල මුර සෙබළුන් පසුකර යාම (Drive Pass) පිලිගන්වන ලදි. පසුව 66 වන සේනංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් එම් ඩි විජේසුන්දර ආර්එස්පි විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

පසුව, 66 වන සේනාංක ශ්‍රවණාගාරය ඉදිරිපිට පැළයක් සිටුවන ලදී.

ආඥාපති තුමන් විසින් භට පිරිස් ඇමතීමේදී අවධාරණය කළේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, පුහුණු වීමේ වැදගත්කම, කාර්යක්ෂමතාව සහ විනය පවත්වා ගැනීම පිළිබඳවයි.

66 වන සේනාංකයේ සේනංකාධිපති විසින් සේනාංකයට පවරා ඇති ක්‍රියාන්විත සහ පාලන රාජකාරින් පිලිබදව ඉදිරිපත් කිරිමක් මගින් ආඥාපති තුමන් දැනුවත් කරන ලදි.

නිලධාරි නිවස්නයේදි දිවා ආහාරයෙන් පසු සංචාරකයාගේ පොතෙහි අත්සනක්ද තබන ලදී.

තවද, සවස් වරුවේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති 663 වන බලසේනාවට ගොස් භට පිරිස් ඇමතූ අතර, පසුව දවසේ අවසාන සංචාරය ලෙස 15 ශ්‍රිලකාහ ඒකකය වෙත ගියේය.

2020 ජනවාරි මස 08 වන දින 661 වන බලසේනාව, සංගුපිටිය පාලම, 24 විපාරෙ සහ එම ප්‍රදේශය අවට සංචාරය කලහ. තවද, බලඇණි පුහුණු පාසල අරසපුරකුලම් බලා පිටත්ව යාමට පෙර 24 විපාරෙ භට පිරිස් ඇමතන ලදි. ඉන්පසු 20 ශ්‍රිලපහා, 5 යාපාරෙ ඒකකයන් වෙත සංචාරය කරන ලදි.