Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th April 2019 15:10:40 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා භඨ පිරිස් විසින් සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් පාපන්දු තරගාවලියක් පවත්වනු ලබයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජිව එදිරිසිංහගේ අධික්‍ෂණයෙන් 7 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව විසින් මහදේව ආශ්‍රමයේ නිර්මාතෘ ටි. රාසනායගම් මහතා අනුස්මරණය කිරිම වෙනුවෙන් සංවිධානය කල පාපන්දු තරගාවලියක් 2019 මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනයන්හිදි පැවැත්වු අතර, අවසාන මහා තරගාවලිය 2019 අප්‍රේල් මස 06 වන දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

මෙම තරගාවලියේ අවසන් තරගය සදහා කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වුහ. මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 36ක් සහභාගිවු බැවින්, අවසන් මහ තරගාවලිය සඳහා උදයතාරුකෙයි ක්‍රිඩා සමාජය සහ උළුතිරුපුරම් ක්‍රිඩා සමාජය සුදුසුකම් ලබන ලදි.

ඒ අනුව උදයතාරුකෙයි ක්‍රිඩා සමාජය සහ උළුතිරුපුරම් ක්‍රිඩා සමාජය අතර පැවති අවසන් මහා තරගයේ ජය 1- 0 ලෙස උදයතාරුකෙයි ක්‍රිඩා සමාජය විසින් ශූරතාවය ලබාගෙන ටි. රාසනායගම් අනුස්මරණ අභුයෝගතා කුසලානය හිමිකර ගන්නා ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ජයග්‍රහි හා අනුශූරතා කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් ලබා දුන් අතර, මේ සදහා ශ්‍රි ලංකා මේබිටෙල් ආයතනයේ අනුග්‍රහය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා 65 වන සේනාංකායේ සේනංකාධිපති, බලසේනාධිපතිවරුන්, ශ්‍රි ලංකා මේබිටෙල් ආයතනය සහ මහදේව ආශ්‍රමයේ සභාපති පෙන්නම්බලන් නිත්‍යානන්දන් මහතා සහභාගි වන ලදි.