Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:38:42 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට සිය මව් ඒකකයෙන් ගෞරවාචාරය

වර්ෂ 2007 මාර්තු මස සිට 2007 දෙසැම්බර් මස 31 දින දක්වා පැවැති මානුෂීය මෙහෙයුමේදී 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සහ කිලිනොච්චි හමුදා සම්බන්ධීකරණ මුලස්ථානයට අණදීම සිදුකළ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී සම්පත් කොටුවේගොඩ නව ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව 2020 අගෝස්තු මස 11 දින කිලිනොච්චි පිහිටි 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදු කළ අතර සිය මව් ඒකකයට වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකරනු ලැබීය.

8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව ආඥාපතිතුමන්, එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්එස්එස්බී ධර්මරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඇමතීමෙන් පසු එතුමන් වෙත ඒකකයේ වර්තමාන කාර්යභාරය හා වගකීම්, හමුදා සාමාජිකයින් ස්ථානගත කිරීම් හා රෙජිමේන්තුවට අදාළ අනෙකුත් කරුණු පිළිබඳ අණදෙන නිලධාරීතුමන් පැහැදිලි කළේය. කඳවුරු පරිශ්‍රයේ සංචාරය කළ නව ආඥාපතිතුමන් ඉන් අනතුරුව සියලුමදෙනා සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, කිලිනොච්චි සන්නද්ධ සම්බන්ධීකරණ මූලයේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී එහි නිලධාරී අණදෙන මේජර් ටී.එම්.එන්.බී අබේරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම මූලයේ මෙහෙයුම් හා පරිපාලනමය කාර්යයන් පිළිබඳ නිලධාරී අණදෙන විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමක් තුළින් නව ආඥපතිතුමන් වෙත සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරනු ලැබිණි. අවසානයේ එතුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරය කරමින් සන්නාහ සන්නද්ධ රථ ද පරික්‍ෂා කරනු ලැබීය.

මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයන් තුල පැළ රෝපණය කළ නව ආඥාපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහන් ද තැබීය. මෙම සංචාරය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එක්වූහ.