Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:42:13 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ ඒකක සංචාරයක නියලේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී 2020 අගෝස්තු මස 13 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරය කළේය.

ප්‍රථමයෙන්, 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.පී. ජයශාන්ත විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

අනතුරුව, භටපිරිස් ඇමතු එතුමන් ඒකකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව අණදෙන නිලධාරී විසින් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ඉන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ සංචාරය කළ එතුමන් කොකාවිල් බහු සම්ප්‍රේෂණ කුළුණ නිරීක්‍ෂණය ද සිදුකළේය.

පසුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 4 වන සන්නද්ධ බුද්ධි බලකා කඳවුර වෙත පැමිණි අතර එහිදී එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් එතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් පසුව, ඒකකයේ මෙහෙයුම හා පරිපාලනය කටයුතු සම්බන්ධයෙන් අණදෙන නිලධාරී විසින් ඉදිරිපත් කිරීමක් සිදුකරමින් ආඥාපතිතුමන් දැනුවත් කළේය.

එහිදී, භටපිරිස් ඇමතූ එතුමන් සොල්දාදුවන් ලෙස නිරන්තර පුහුණුව තුළින් තම වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කරගෙන තමාට පැවරි ඇති රාජකාරී කැපවීමෙන් යුතුව ඉටුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.