Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 09:57:51 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිගේ 57, 65 වන සේනාංකයේ සංචාරය

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩිසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි භාර ගැනිමෙන් අනතුරුව ප්‍රථම සංචාරය ලෙස 57, 65 වන සේනාංක සහ යටතේ පාලනය වන බලසේනා මුලස්ථානයන්හි 2020.07.28 සහ 29 යන දෙදිනයන්හිදි සංචාරයක නිරත වන ලදි. ඒ අනුව පලමුවන දින 57 වන සේනාංකයේ සංචාරයේ නිරත වු අතර, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිජිඑස් සෙනරත්යාපා ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් කිලිනොච්චි ආඥාපති තුමන්ව පිලිගන්නා ලද අතර, යුද හමුදා සම්ප්‍රදානුකුලව කදවුරු සම්මාන මුරයක් පිලිගන්වන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් සේනාංකයේ පරිපාලන කටයුතු පිළිබදව හැදින්විමක් කල අතර, මේ සඳහා 57 වන සේනාංකය යටතේ පාලනය වන බලසේනාධිපතිවරුන් සහභාගි විය. පසුව ආඥාපති තුමන් 571, 572 සහ 573 බලසේනාවන්හි සංචාරය නිරත වු අතර, එහිදි බළසේනාධිපති වරුන් විසින් එම බළසේනාවේ ක්‍රියාන්විත රාජකාරි හා පරිපාලන කටයුතු පිලිබද ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදි.

මෙම නිළ සංචාරයේ දෙවන දින ලෙස 2020.07.29 වන දින 65 වන සේනාංකයේ සංචාරය කරන ලදි. 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් කිලිනොච්චි ආඥාපති තුමන්ව පිලිගන්නා ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රදානුකුලව කදවුරු සම්මාන මුරයක් පිලිගන්වන ලදි. ඉන්පසු ආඥාපති තුමන් හට 65 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ යටතේ පාලනය වන 651, 652 සහ 653 බළසේනාවන්හි බළසේනාධිපති වරුන් විසින් තම බළප්‍රදේශයේ රාජකාරි පිලිබද සවිස්තරාත්මක හැදින්විමක් සිදු කරන ලද අතර, එම බළසේනා මුලස්ථානයන් වෙත සංචාරයකද නිරත වන ලදි.

මෙහිදි කිලිනොච්චි ආඥාපති තුමන්ගේ සේනාංක හා බළසේනාංක සංචාරය තුලදි එම බළප්‍රදේශයන්හි රාජකාරි නියුතු නි/සෙසුනිලයින් ඇමතු අතර, එහිදි ජාතික ආරක්‍ෂව ඉටුකිරිමේදී මෙම ප්‍රදේශයේ භට පිරිස් වලට මුහුනපෑමට සිදුවන අභියොග සහ එහිදී ක්‍රියාකලයුතු ආකාරය සිහිපත් කරන ලද අතර, එම කටයුතු කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කම සහ සොල්දාදුවන් ලෙස නිරන්තර පුහුණුව ලැබිම තුළින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. නිළ සංචාරය සනිටුහන් කිරිම වස් ආඥාපති තුමන් විසින් එම ස්ථානයන් හිදි රුක් රෝපණයක් සිදුකර සමරු පොතෙහි සටහනක්ද තබන ලදී.

මෙම අවස්ථාව සදහා සේනාංකාධිපති වරුන්, මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රමානි, බ්‍රිගේඩියර් පාලන භකාස, බළසේනාධිපති වරුන්, කර්නල් ප්‍රමානි, ඒකක අණදෙන නිලධාරින් ඇතුළු මාණ්ඩලික නිලධාරින් විශාල පිරිසක් සහභාගි වන ලදි.