Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 12:19:22 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් සමුගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි වෙත ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදානකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම 2019 දෙසැම්බර් මස 23 වන දින සිදුකරනු ලැබිය.

නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් වෙත 8 වන කාලතුවක්කු හමුදාවේ භට විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

මෙම උත්සවයේ දී නික්ම යන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි අත්හරින ලදි. තවද නික්ම යන ආඥාපතිතුමන් සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, අවසන් වශයෙන් සියලු භට පිරිස් ඇමතීමක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති හා 66 වන සේනාංකයේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.