Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th March 2019 16:31:53 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් සමුගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරාල් ආර් ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රෙය් දී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම 2019 මාර්තු මස 27 වන දින සිදුකරනු ලැබිය.

නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් වෙත 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.

මෙම උත්සවයේ දී නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සංකේතාත්මකව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ධජය සිය ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආරඩබ්ලිව්පි එන්ඩියු අයිජි වෙත භාරදෙනු ලැබීය. අනතුරුව, නික්මයන ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි අත්හරින ලදි. මෙහිදි නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සමුගැනීමේ කථාව සිදු කරමින්, සිය නිල කාලය තුල දී සියලුම නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් ලබාදුන් සහයෝගය සහ කැපවීම ප්‍රශංසාවට ලක් කල අතර ඉදිරියෙදි පැමිණිමට නියමිත නව ආඥාපතිතුමන්ට ද සහයෝගය ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙස පවසා සිටින ලදි.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, , 65 හා 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.