Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd August 2020 09:46:28 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් නික්ම යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 14 වන ආඥාපති ලෙස රාජකාරි ඉටු කල මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විශ්‍රාම යාම සඳහා 2020.07.24 වන දින සිය දූරයෙන් නික්ම යන ලදි. ඒ අනුව හමුදා සම්ප්‍රදායන්ට අනුව නික්ම ගිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් හට 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක්ද පිරිනමන ලදී.

තවද, නික්ම ගිය ආඥාපති තුමන් සමුහ ඡායාරූපයටකට පෙනි සිටිමින් සිය කාර්යාලයේදි නිල ලේඛණ කිහිපයකට අත්සන් තබා සිය දූරයේ රාජකාරි භාරදෙන ලදි. ඒ අනුව නව ආඥාපති රාජකාරි කිරිම සනිටුහන් කිරිම වස් කාර්යාල පරිශ්‍රයේදි සුදු සඳුන් පැලයක් රෝපණය කල අතර, නික්මගිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි සියළුම නිලයින් ඇමතු අතර, සිය නිළ කාලය තුල දී සියලුම නිලධාරින් ඇතුළු සෙසුනිළයින් ලබාදුන් සහයෝගය සහ කැපවීම ප්‍රශංසාවට ලක් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ඉනපෙ(කිලි) ආඥාපති, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්/නිලධාරිණියන් ඇතුළු සෙසුනිළයින් විශාල පිරිසක් සහභාගි වන ලදි.