Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2018 17:02:01 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති බළඇණි පුහුණු පාසැල් නිරික්‍ෂණය කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් 57, 65 සහ 66 සේනාංකයන් යටතේ පාලනය වන බළඇණි පුහුණු පාසැල් වෙත 2018 ජුලි 17 සහ 18 දිනයන්හි දි සංචාරය කරන ලදි.

ආඥාපතිතුමන් විසින් බළඇණි පුහුණු පාසැල් නිරික්‍ෂණයේදි පුහුණු උපකරණ සහ යටිතල පහසුකම් වැඩිදියුනු කිරිම පිළිබඳ සොයාබැලිම මෙන්ම දැනට පවත්වනු ලබන පුහුණුවීම් හා වැඩසටහන් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක්ද පවත්වන ලදි.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති සමගින් සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහභාගි වන ලදි.