Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2021 16:53:31 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති කිලිනොච්චිය ඉදිරි නඩත්තු පෙදෙස සංචාරයක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, 2021 අප්‍රේල් මස 07 වන දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල සංචාරයක නිරත විය.

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් පියල් නානායක්කාරවසම් විසින් ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

පසුව මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල සංචාරයක නිරතවෙමින් පරිපාලන හා වෙනත් කරුණු පිළිබඳ සොයා බැලුවේය. පසුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, පිළිගැනීමේ දේශනය කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති විසින් සිදුකල අතර පසුව මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල භටපිරිස් ඇමතූ අතර, මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, 6 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය, 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 11 වන ඉංජිනේරු සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සංචාරයක නිරත විය.