Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 11:34:29 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව සියලු අංශ දැනුවත් කරයි

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම රජයේ, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ආයතනවල නියෝජිතයින් සමඟ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි 2019.05.09 වන දින එම ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකාච්ඡාවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. එහිදි අන්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා ආරක්‍ෂක හමුදාව විසින් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කර ඇති බව දැනුවත් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා නිලධාරීන් 39 දෙනෙකු සහභාගි වූ අතර, එම අවස්ථාවේ ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ පවත්නා තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ කම්කරුවන් හා ගනුදෙනුකරුවන් මුහුණ දුන් දුෂ්කරතාවයන් පිළිබඳවයි. පසුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය තර කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ආරක්‍ෂක හමුදාවන්ට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස සියලූම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.