Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th April 2018 15:12:30 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධානයෙන් පවත්වන ලැබු බක්මහ උළෙල

2018 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත බක්මහ උළෙල 2018.04.09 වන දින ඉරණමඩු වැව්තාවුල්ලේ දි අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

මෙම බක්මහ උළෙල ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඉනපෙ (කිලි) යටතේ රාජකාරි නියුතු භඨපිරිස් ඇතුළු කිලිනොච්චි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර, මෙහිදි ගැමි අසිරිය පිළිඹිබු කෙරෙන අංගයන් ලෙස පළාත්වලට අනුව සබරගමු පළාත, ඌව පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත, බස්නාහිර පළාත සහ දකුණු පළාතට අයත් ගැමි නිවාස ඉදිකර තිබු අතර, බක්මහ උළෙලෙ අවුරුදු චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් අවුරුදු ක්‍රිඩා හා විශේෂාංග රාශියකින් සමන්විත බක්මහ උළෙලෙ අංගයන් ලෙස ගැමිගෙදර චාරිත්‍ර, ගම හරහා දිවිම, කොට්ටා පොර තරගය, කනාමුට්යිය බිදිම,සැගවුණු අමුත්තා සෙවිම, කඹ ඇදිම, අඩුවේලාවක් තුල වැඩිපුර බත් කෑම, සෙමින් පාපැදි ධාවනය, බිත්තර ඇල්ලිම, පොල්අතු විවිම සහ අවුරුදු කුමරා/කුමරිය තේරිම වැනි ගැමි ක්‍රිඩා රාශියකින් සමන්විත වේ.

ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර.57,65 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් ජගත් රත්නායක සහ බ්‍රිගේඩියර් පාලන/භකාස නිළධාරි, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහ ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සහ ඉනපෙ (කිලි) යටතේ රාජකාරි නියුතු භඨපිරිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික/සාමාජිකාවන් මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදි.