Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2021 15:14:21 Hours

කිලිනොච්චි ආඥාපති ‘සුරකිමු ගංඟා’ ජාතික පරිසර වැඩසටහනක

ශ්‍රි ලංකා ප්‍රජාතන්තවාදි ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකාවේ ගංඟා සංරක්‍ෂණය කිරිම සදහා ආරම්භ කරන ලද ‘සුරකිමු ගංඟා’ වැඩසටහන කතරගමදි ආරම්භ කරන ලදි.

මෙයට සමගාමිව මධ්‍යම පරිසර අධිකාරිය උතුරු පලාත් අධක්‍ෂකගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ සහ ඉදිරි නඩත්තු ප්‍රදේශ කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් පියල් නානායක්කාරවසම් ගේ සහභාගිත්වයෙන් 2021 මාර්තු මස 22 වන දින කනගරායන් ආරු ගංඟාව ආශ්‍රිතව වැඩසටහනක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පිඑස්එම් චාර්ල්ස් මහත්මිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි අන්ගජන් රාමනාදන්, රාජ්‍ය නිළධාරින් සහ හමුදා නිළධාරින් සහභාගිවිය.