Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th April 2021 16:16:58 Hours

කිලිනොච්චි ආඥාපති 661 වන පාබල බළසේනාවේ නිළ සංචාරයක

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 661 වන පාබල බළසේනාවේ සහ එහි අණදෙන ඒකක වෙත සිය නිළ සංචාරය සිදු කිරිම 2021 මාර්තු මස 29 වන දින සිදු කරන ලදී.

661 වන පාබල බළසේනාව වෙත පැමිනි ආඥාපතිව 661 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.

අනතුරුව බළසේනාධිපතිගේ ආරාධනය මත පැළයක් රෝපනය කිරිම සිදු කල ආඥාපති ඉන් අනතුරුව බළසේනාධිපති සහ ඒකක අණදෙන නිළධාරින් විසින් බළසේනාවේ සහ ඒකක වල මෙහෙයුම් සහ පරිපාලනය කාර්යභාර්ය පිළිබඳව සවිස්තරාත්මකව ආඥාපතිව දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව ආඥාපති 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 (සෙවි) යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව වෙත සංචාරයේ නිරතවු අතර මෙහිදි ඒකක බුද්ධි නිළධාරින් විසින් ඔවුන්ගේ වගකීම සහ බුද්ධිමය හැකියාවන් පිළිබඳව ආඥාපතිහට සවිස්තරාත්මකව විස්තර කරන ලදි. මෙම සංචාරයේදි ආඥාපති ඒකක ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරින් සහ කොමිෂන් නොලත් නිළධාරින් රාජකාරි ඉටුකිරිම සම්බන්ධයෙන් ප්‍රශංසාව පල කලේය. මෙම සංචාරයට සමගාමිව ආඥාපති කොමා පොයින්ටි (Comma point), සංගුපිඩ්ඩි මාර්ග බාධකය, පල්ලිකුඩා රේඩාර් ම්‍යස්ථානය, අරසපුරකුලම් බළඇණි පුහුණු පාසල වෙතද සංචාරය කළේය.

මෙම සංචාරය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි මාණ්ඩලික නිළධාරින්, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් සහභාගිවිය.