Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th February 2021 10:12:57 Hours

කිලිනොච්චි අ.පො.ස උසස් පෙල සිසුන් සදහා වැඩමුළුවක් පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් වලට අනුව ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් පියල් නයනක්කාරගේ සහභාගීත්වයෙන් 2021 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් වැඩමුළුවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී හා කිලිනොච්චි මහා විද්‍යාලයේදී 2021 පෙබරවාරි මස 16 වන දින පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී ආතතිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිලිබදව සිසුන් දැනුවත් කිරිම හා ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම තවදුරටත් ලිහිල් කිරිමේ ක්‍රමවේදයන් දැනුවත් කරන ලදී. තවද ජාතික අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙකු සහ උපදේශක හා කොළඹ දම්රිවි පදනමේ වැඩසටහන් ප්‍රධානී දර්ශන නිරංජන් මැදවල බීඑස්සී (ඔස්ට්‍රේලියාව) එම්එස්සී, මොහොමඩ් අහමඩ් ඉෆ්තිකාර් බීඒ/ එම්එස්සී (මනෝවිද්‍යාව) යන උපදේශකයින් මෙම වැඩමුළුව පවතිවන ලද අතර, මෙම වැඩමුළුව පැවැත්වීම පිලිබදව පාසලේ ගුරු මණ්ඩලය ඇතුළු සිසුන් යුද්ධ හමුදාව වෙත සිය ස්තුතිය පුදකරන ලදී.