Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th January 2020 16:12:24 Hours

කිලිනොච්චි අඩු ආදායම් ලාබී පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙහි පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 573 වන බළසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන කිලිනොච්චි ශාන්ත ඇන්තෝනී රෝමනු කතෝලික විද්‍යාලයේදී 2020 ජනවාරි 06 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහනේදී බෙදාදුන් පාසල් උපකරණ සදහා දානපති සුරේන් මැල්කම් ද සිල්වා මහතා විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වුහ.

කිලිනොච්චි ශාන්ත ඇන්තෝනී රෝමනු කතෝලික විද්‍යාලයෙහි සහ වට්ටකච්චි දකුණ දෙමළ මිශ්‍ර පාසලෙහි 1 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සදහා මෙම පාසල් උපකරණ බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සදහා 573 වන බළසේනාවේ බළසේනාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් සිසු සිසුවියන් සහභාගී වන ලදී.