Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 12:16:42 Hours

කිලිනොච්චි 66 සේනාංකයට අයත් භටපිරිස් විසින් තවත් නිවාස ව්‍යාපෟතියක්

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි පුනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා නව නිවාස ඉදිකිරිමේ වැඩසටහනක් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව, 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගේ ශ්‍රම දායකත්වය මත 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දීප්ත ආරියසේන, 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ සහ 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන ලියනගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.