Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st September 2018 12:51:29 Hours

කිලිනොච්චි 651 වන බළසේනාවේ භඨපිරිස් විසින් පල්ලවරයාන්කඩ්ඩු සේවා වනිතා පෙර පාසලේ ප්‍රජාසත්කාර වැඩසටහනක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් වලට අනුව 651 බළසේනාවට අයත්ව රජකාරි නියුතු 11 වන (සෙව්) ගජබාරෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2018 අගෝස්තු මස 28 වන දින පල්ලවරයාන්කඩ්ඩු සේවා වනිතා පෙර පාසල් භූමි පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයන්ට අනුව සිදුකරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් වලට සමගාමිව මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ මඟපෙන්වීම යටතේ 651 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහගේ සංවිධානයෙන් සිදුකරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා 11 වන ස්වෙච්චා ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් 01X30 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය ඇතිව පාසල් භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.