Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th August 2018 13:01:04 Hours

කිලිනොච්චි 651 වන බළසේනාවේ භඨපිරිස් විසින් තේවම්පිඩ්ඩි ප්‍රථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් වලට අනුව 651 බළසේනාවට අයත්ව රජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් 2018 අගෝස්තු මස 22 වන දින තේවම්පිඩ්ඩි ප්‍රාථමික විද්ය්‍යලයෙහි ශ්‍රමදානයක් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයන්ට අනුව සිදුකරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් වලට සමගාමිව මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ මඟපෙන්වීම යටතේ 651 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහගේ සංවිධානයෙන් සිදුකරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් 01X30 දෙනෙකුගේ ශ්‍රමදායකත්වෙයන් එම පාසල් භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.