Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2018 23:25:44 Hours

කැනඩාවේ තරුණ ළමයින්ගේ සහයෝගයෙන් කිලිනොච්චි භඨපිරිස් විසින් පාසල් ළමුන්හට පාසල් උකරණ බෙදාදිමේ අවස්ථාවක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ ස්ථාපිත 571 බළසේනාවේ සෙබළුන් විසින් 2018.07.15 වන දින කිලිනොච්චි පන්නන්කණඩි දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් 85 දෙනෙකු සඳහා රු: 600000.00 ක් වටිනා ක්‍රිඩා උපකරණ, කාර්යාල උපකරණ සහ අනෙකුත් පාසල් උපකරණ බෙදාදෙන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම මත ‘කැනඩාවේ තරුණ ළමයින්ගේ එකතුවේ, අනුග්‍රහය ඇතිව 571 බළසේනාවේ බළසේනාධිපති කර්නල් නජිව එදිරිසිංහ විසින් සංවිධානය කරනු ලැබු මෙම උත්සවය සඳහා භික්ෂුන් වහන්සේලා ඇතුළුව ආගමික පුජකවරුන්, පරිත්‍යාගශීලින්, ගුරුවරුන් සහ දෙමව්පියන් රැසක් සහභාගිවන ලදි.