Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th June 2018 19:05:12 Hours

උතරු පලාතේ තවත් ඉඩම් අක්කර 120.89 නිදහස් කරයි

දරුවන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමි පරිසරයක් ගොඩනැගිමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේහි කිලිනොච්චි දිස්ත්‍රික්ක සමුළුව අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි 2018 ජුනි මස 18 වන දිනපවත්වනු ලැබිය.

මෙහිදි යුද හමුදා භට පිරිස් පරිහරණය කරන ලද යාපනය, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්හි ඉඩම් අක්කර 120.89 ක භුමි ප්‍රමාණයක් නිදහස් කරනු ලැබූ අතර, නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ නිත්‍යානුකුල ලියකියවිලි, කිලිනොච්චි ආරක්ෂ්ක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත 2018.06.18 වනදින පැවති නිල හමුවේදි ප්‍රදානය කරන ලදී. යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපති තුමන් විසින් ඉඩම්වල ලියකියවිලි භාරදෙන ලදි.

තවද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය වෙතද සංචාරය කරන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව සාදරයෙන් පිලිගන්නා ලද අතර, මෙහිදි සංචාරය සිහිවිම පිණිස අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ අමුත්තන් සටහන් තැබිමේ පොතේ සටහනක් සහ සමුහ ඡායාරුපයක් සදහාද පෙනි සිටින ලදි.