24th April 2019 10:30:58 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ජනක රණසිංහගේ අධික්ෂණය යටතේ 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2019 අප්‍රේල් මස 20 වන දින ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50.000ක් මුදාහරින ලදි.
එහි පලමු අධියර ලෙස 2019 අප්‍රේල් මස 11 වන දින ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50000ක් මුදාහැරිම සිදු කල අතර, එහි දෙවන අධියර වශයෙන් අප්‍රේල් මස 20 වන දින ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මෙිජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ නුවන් ප්‍රසන්ත මාධවන් ආරච්චි මහතා, ශ්‍රි ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, ධීවර ප්‍රජාව සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉරණමඩු ජලාශයට මිරිදිය මසුන් 50000ක් මුදා හරින ලදි.
නවීන තාක්ෂණික ක්‍රම සමඟ ධීවර කටයුතු දියුණු කිරීම සඳහා පූරණ සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රි ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති මහතා සිය කැමැත්ත පළ කළේය. එම වැඩසටහනට පැමිණි සිටි සිවිල් වැසියන් ඉතාමත් සතුටට පත්ව සමස්ථ යුධ හමුදාවට ස්තූතිය පුදකරන ලදි.