Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th March 2021 12:51:36 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක කිළිනොචිචි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් පුනීත් සුෂිල් (Puneet Sushil) උතුරු පලාතේ සිදු කරන සංචාරයට සමගාමිව 2021 මාර්තු මස 11 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ හමුවිය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති විසින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක පලිගත් අතර ප්‍රදේශයේ වර්තමාන තත්වය සහ සමාජ සුභසාධන ව්‍යාපෟති සදහා හමුදාවේ දායකත්වය සහ කිළිනොච්ච් ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව වෙත ආධාර කිරිම පිළිබඳ කෙටි හැදින්වීමක් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 1 (ක්‍රියා) විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 1 (ක්‍රියා) ලුතිතන් කර්නල් චන්දන ජයමහ සහභාගිවිය.