Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 12:06:10 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි නව ආඥාපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි 14 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් නිලාම් හේරත් 2021 ජුනි 22 වන දින එම මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති මූලස්ථාන කාර්ය මණ්ඩලය විසින්උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් නිලාම් හේරත් ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි බාරගත් අතර නව ආඥාපති හට ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිය සුබපැතුම් එක්කළහ.