Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th August 2020 23:02:01 Hours

ආලන්කුලම් වසන්තපුරම් ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරනය කරනු ලබයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 653 වන බලසේනා මූලස්ථානයට අයත් 17 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් තුනුක්කායි ප්‍රදේශීය සභාව සමගින් එක්ව ආලන්කුලම් වසන්තපුරම් ප්‍රධාන මාර්ගය 2020 අගෝස්තු මස 16 වන දින ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම වැඩමුළුව සදහා 65 වන සේනාංකාධිපතිතුමන් ඇතුළු එම බල ප්‍රදේශයේ ප්‍රාදේශිය නිලධාරින් සමග සාකච්ඡාවක් 2020 අගෝස්තු මස 11 වන දින ආලන්කුලම් ප්‍රදේශයේ පිහිටි 17 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.