Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2020 08:43:57 Hours

ආරක්‍ෂක සේනාව කිලිනොච්චි හමුදා භට පිරිස් සදහා ලබා ගත හැකි සුභසාධන කටයුතු පිලිබදව දේශණයක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසි පීඑස්සී ගේ උපදෙස් මත කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංවිධානය ඇතිව, යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ලබා දෙනු ලබන සුභසාධක පහසුකම් පිළිබදව දැනුවත් කිරීමේ දේශණයක් 2020 ජනවාරි මස 21 වන දින පවත්වන ලදි.

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ලුතිතන් කර්නල් ඒ එම් එන් පි අත්තනායක - 4 සබුබ, විසින් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන සාකච්චා ශාලාවේදි මෙම දේශණය පැවැත්වු අතර, මේ සදහා නිලධාරින් 35 දෙනෙකු සහ සෙසු නිලයින් 76 දෙනෙකු සහභාගි වන ලදි.