Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th February 2020 09:20:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනෙච්චිය 72 වන නිදහස් දිනය සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය 72 වන ජාතික නිදහස් දිනය සැමරීම සදහා කඳවුරු භූමියේ පැළ සිටුවීමෙන් අනතුරුව, නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසු නිලයින් 205 දෙනෙකු සහභාගීත්වයෙන් ජාතික ධජය එසවූ අතර, ඒ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩක නිලධාරි ඩී ජී එස් සෙනරත්යාපා ආර්බඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය.

ඉන් අනතුරුව යුද හමුදාපතිතුමන්ගේ නිදහස් දින පණිවිඩය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් පාලන භකාස නිලධාරිතුමන් වන කර්නල් එස් සී ඒකනායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. අවසානයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය ශ්‍රවණාගාරයේදී නිදහස් දින උත්සවය සජීවීව නැරබීමට සියලු භට පිරිස් සදහා අවස්ථාව සැලසිය.