Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2020 08:40:52 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථාන කිලිනොච්චිය විසින් පවත්වනු ලැබූ අංගම්පොර පාඨමාලා අංක 02 සාර්ථකව නිමවෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථාන කිලිනොච්චිය විසින් යුධ හමුදා සෙබලුන්ගේ ආත්ම ආරක්‍ෂව, ඉවසීම සහ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරිමේ අරමුණින් පවත්වනු ලබන අංගම්පොර පාඨමාලා දෙවන අධියර 2020 ජනවාරි මස 05 වන දින අවසන් විය. එහි අවසන් කළඑළි මංගල සහ ත්‍යග ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී සහභාගී වුහ.

2019 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කරන ලද මෙම අංගම්පොර පාඨමාලාව මාස තුනක් පැවති අතර අංගම්පොර පාඨමාලාවේ පුරුදු පුහුණු වූ කුසලතාවයන් උපයෝගී කර ගනිමින් දස්කම් දැක්වීමට කඩු, පොලු හරඔ භාවිතා කරමින් පාඨමාලාව හැදෑරු සිසුන් සමත් වූහ. අවසන් වශයෙන් සාර්ථකව පාඨමාලාව නිමකල සිසුන් 24 දෙනෙකු සදහා ආරක්‍ෂක සේනා මූලස්ථාන කිලිනොච්චිය ආඥාපති විසින් සහතික පත් පිරිනැමීය.

මෙම අවස්ථාව සදහා 57 සහ 66 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථාන කිලිනොච්චිය බ්‍රිගේඩියර් පාලන භකාස නිලධාරිතුමන්, බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.