Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2021 09:09:43 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස් බුරවි සුළි කුනාටුවෙන් පිඩාවට පත් ජනතාවට පිහිට වෙයි

කිළිනොචිචිය ප්‍රදේශය හරහා හමා ගිය බුරවි සුළි කුණාටුව හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් පරිදි 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු සහ 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපාගේ අධික්‍ෂනය යටතේ සිදු කෙරුනි.

57 වන පාබල සේනාංකයට අයත් 6 වන සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පෙරියකුලම් සහ කට්ටකාඩු ප්‍රදේශවල ගංවතුරෙන් පිඩාවටපත් ජනතාවට උනුසුම් ආහාර සහ වියලි සලාක බෙදාදීම සහ විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටි තිබු ගසක් කපා ඉවත් කර දීමද සිදු කරන ලදි.

මේ අතර 572 පාබල බළසේනාංකයට අයත් 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුවේ 14 දෙනෙකුගෙන් සමන්විත භඨපිරිසක් පුන්නානිරාවි තිරිමන්තල්ආරැ මාර්ගයේ බෝක්කුවක් අලුත්වැඩියා කර දීමද සිදු කරන ලදි.

එසේම 573 වන පාබල බළසේනාංකයට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ධාරානිපාත වර්ෂාව සහ සුළි සුලං සහිත කාලගුණය හේතුවෙන් මරදන්කුලම් වැව් බැම්ම කැඩියෑම වැලැක්වීමට පියවර ගන්නා ලදි.

අයහපත් කාළගුණික තත්වය ආරම්භයේදීම 5 (සෙව්) යාන්ත්‍රිය පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ආනාරක්‍ෂිත පවුල් 4 ක 17 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පතිමාතා පල්ලියේ ආරක්‍ෂිත ස්ථානයක් වෙත රුගෙන ඒමට කටයුතු කල අතර ඔවුන්ට අවශය ආහාරපාන ලබාදිමටද කටයුතු කරන ලදි.

එ හා සමානව 663 වන පාබල බළසේනාංකයට අයත් 11 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් සිවිල් වැසියන්ගේ සහය ඇතිව නචිචිකුඩා අසල කුමලමුනෙයි මාර්ගය දක්වා ජලාප්‍රවාහන පද්ධතියක් අලුත්වැඩියා කිරිමද සිදු කරන ලදි. මෙම කාල සීමාව තුල සියලුම බලඇණි මෙම ප්‍රදේශයේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්ව සිටියහ.