Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 10:30:16 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස් 73 වන ජාතික නිදහස් දිනය සමරයි

73 වන ජාතික නිදහස් දිනය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි සියලුම නිළධාරින් සහ සෙබළුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. ආඥාපති වෙනුවෙන් බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ විසින් ජාතික ධජය එසවීම සිදුකල අතර ඉන් අනතුරුව මාත්‍රභුමියේ නිදහස, සමගිය, ස්වෛරීත්වය, සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය දිවි පරිත්‍යාගකල දේශප්‍රෙමීන් සහ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්ද තාවයක් පවත්වන ලදි.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිගේ පනිවිඩය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි මාණ්ඩලික නිළධාරි 1 (පාලන) විසින් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ සජිවි විකාශය නැරබීම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ශ්‍රවනාගාරයේදි සියලු භඨපිරිස් හට අවස්ථාව ලැබුනි. 73 වන ජාතික නිදහස් දිනය සැමරිමේ වැඩසටහනට සමගාමිව රුක්රෝපන වැඩසටහනක්ද පවත්වන ලදි.