Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2021 14:47:30 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි නිළධාරි පුහුණු දිනය පවත්වයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි නිළධාරින්ගේ දැනුම පුලුල් කිරිමේ අරමුණින් කිළිනොචිචි බළ ප්‍රෙද්ශයේ රාජකාරි නියුතු සියයකට අධික නිළධාරින් සදහා පුහුණු වැඩමුළුවක් 2021 මාර්තු මස 20 වන දින සාර්ථකව පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති විසින් ආරම්භක දේශණය සිදු කරමින් ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහන නිළධාරින් වශයෙන් දැනුම වැඩිදියුනු කරගැනීමේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් කණිෂ්ළු නිළධාරින් මේ සදහා සහභාගිවීමේ ඇති අවශ්‍යතාවයද වැඩිදුරටත් පැහැදිලි කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ශ්‍රවණාගාරයේ පැවැති පළමු සැසියේදි ආරාධිත දේශණය සිවිල් ආරක්‍ෂක දේපාර්තමේන්තු මුලස්ථානයේ අණදෙන නිළධාරි මේජර් දම්මික තාරුකරත්න විසින් තෙවෙනි ඇස මාතෟකාව යටතේ දේශනක් පැවැති අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති විසින් හමුදා නිළධාරින්ගේ පෞර්ෂත්ව ගතිලක්‍ෂණ පිලිබඳ දේශණය සිදුකල අතර පලමු සැසිය අවසානයේදි “ Officer and a Gentleman” චිත්‍රපටය විකාශය කරන ලදි.

සවස් කාලයේ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි සප්තංග නර්තන කණ්ඩායම විසින් නෙළුම්පියස ශ්‍රවනාගාරයේ නර්තනයෙන් වර්ණ ගැන්වු අතර මෙහිදි නිළධාරින්ට ඔවුන්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා ඉදිරිපත් කිරිමේ අවස්ථාව හිමිවිය.