Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th January 2021 14:13:46 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි 2021 නව වසරේ වැඩ ආරම්භ කරයි

සියළුම නිළධාරින්ටත් සෙබළුන්ටත් 2021 වර්ෂයට සුභ පැතුම් එක් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් ජාතික ධජය එසවීම සිදුකරමින් 2021 නව වසරේ වැඩ ආරම්භ කිරිම සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වු මෙම වැඩසටහනේදි මාණ්ඩලින නිළධාරි 11 (පුහුණු) විසින් රාජ්‍ය පක්‍ෂපාති දිවුරුම සහ 2021 වන වසරට සුභ පැතුම් එක් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිී සහ යුද්ධ හමුදාධිපතිගේ පණිවිඩය ඉදිරිපත් කළේය. අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති භඨපිරිස් අමතමින් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියතු සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් සුභ පැතුම් එක් කළේය. සංවිධානයක් ලෙස අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සෙබලෙකු වශයෙන් තම රාජකාරිය කැපවීමෙන් ඉටුකල යුතුබව මෙහිදි ආඥාපති විසින් අවධාරණය කළේය.

ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ශ්‍රවණාගාරයේදි කොවිඩි - 19 වැලැක්වීම පිළිබඳ භඨපිරිස් දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදා රෝහල කිළිනොචිචි සේවයේ නියතු ශ්‍රි ලංකා වෛද්‍ය බලකායේ සහකාර වෛද්‍ය වරයා විසින් පවත්වන ලදි. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව පැවැත්වූ මෙම අවස්තාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ථ නිළධාරින්, නිළධාරින් සහ භඨපිරිස්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.