Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th November 2020 12:29:54 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොචිචිහි නව අත්පන්දු ක්‍රිඩාපිටිය විවෘත කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොචිචියෙහි නවතමයෙන් ඉදිකරන ලද එළිමහන් අත්පන්දු ක්‍රිඩා පිටිය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ විසින් 2020 නොවැම්බර් මස 19 වන දින මහත් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචියෙහි සේවයේ නියුතු සියලුම නිළයන් සදහා නව පහසුකම් සහිතව ඔවුන්ගේ ක්‍රිඩා හැකියාවන් වැඩිදියුණු කිරිමේ අරමුණින් නව එලිමහන් අත්පන්දු ක්‍රිඩා පිටිය උසස් ප්‍රමිතීන්ට අනුව 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහය ඇතිව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්චියෙහි සියලු භඨපිරිස්වල සහය ඇතිව ඉදිකරන ලදි. නව අත්පන්දු පිටියේ ආරම්භක උත්සවය සනිටුහන් කිරිම සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචියෙහි පිරිමි සහ කාන්තා කණ්ඩායම් හතරක් අතර ප්‍රදර්ශන අත්පන්දු තරගයක්ද පැවැත්විනි.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචියෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරැසිංහ, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිලයින් සහභාගිවිය.