Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th July 2018 07:16:52 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 9 වන සංවත්සරයට සමගාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 9 වන සංවත්සරයට සමගාමිව ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වයක් දෙමින් කිලිනොච්චි ශාන්ත තෙරේසා ක්‍රිස්තියානි දේවස්ථානය තුලදි දේව මෙහෙයක් 2018 ජුලි මස 05 වන දින පවත්වන ලදි.

මෙම දේව මෙහෙය සිදුකිරිමට මුලික හේතුව වනුයේ ආරක්‍ෂක සේනා මුලස්ථානයට වසර 9 ක් සපිරිම නිමිත්තෙන් සහ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පූජා කල සියළුම අයවලුන් හට පිං පෙත් අනුමෝදනා කිරිම, දැනට ආබාධිත තත්වයට පත් අයවළුන් සහ රාජකාරි නියුතු සියළු අයවළුන් සදහා ආශිර්වාද ලබා ගැනිම සදහාය.

එම අවස්තාව සදහා කිලිනොචිචීය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ජේසුදාස පුජකතුමා සහ අක්කරායමිකුලමි අමදිවනමි දේවස්ථානයේ පිලිප්ස් පුජකතුමන් විසින් දේව මෙහෙය පැවැත් වු අතර, මෙම අවස්ථාව සදහා කිලිනොචිචීය බළප්‍රදේශයේ රාජකාරි නියුතු ජ්‍යෙෂඨ නිළධාරින්/ නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.