Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th July 2018 15:05:45 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 9 වන සංවත්සරයට සමගාමිව ආගමික වතාවත් සිදුකිරිම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 9 වන සංවත්සරයට සමගාමිව ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වයක් දෙමින් ඉරණමඩු කනකාම්බිගායි අම්මාන් කෝවිල තුලදි කොවිල් පුජාවක් සහ කිලිනොච්චි ජුම්මා මුස්ලිම් දේවස්ථානය තුලදි ද මුස්ලිම් දේව මෙහෙයක් 2018 ජුනි මස 30 වන දින පවත්වන ලදි.

මෙම ආගමික වතාවත් සිදුකිරිමට මුලික හේතුව වනුයේ ආරක්‍ෂක සේනා මුලස්ථානයට වසර 9 ක් සපිරිම නිමිත්තෙන් සහ මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිතය පූජා කල සියළුම රණවිරුවන්ට පිං පෙත් අනුමෝදනා කිරිම, දැනට ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට සහ රාජකාරි නියුතු සියළු රණවිරුවන් සදහා ආශිර්වාද ලබා ගැනිම සදහාය.